Thursday, May 2, 2013

රුපියල් 25,000 සහ ථෙරපුත්ථාභය ආදර්ශය

සිංහල බෞද්ධ ජාතිය නගා සිටුවීමේ අරමුණින් අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටින සෑම සිංහල බෞද්ධ පවුලකටම මාසිකව රුපියල් 25,000 බැගින් ලබා දීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "මව්බිම සුරැකීමේ සංවිධානය" තීරණය කර ඇති බව පසුගිය දින වල සෑම මාධ්‍යයකම පාහේ ප්‍රචාරය විය. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් (සහ මුස්ලිම් ජනගහන ඉහළ යන බැවින්) දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීම උදෙසා මුස්ලිම් පල්ලිය කොපි කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම වැඩපිළිවෙල ගැන කල්පනා කරමින් සිටි පිස්සු හුටංට සිහිපත් වූයේ සිංහල බෞද්ධ ජනගහණය පහළ යාමට සාමාන්‍ය ජනතාව මෙන්ම ගරුතර සංඝ රත්නයද වග කිව යුතු බවයි.