Thursday, May 2, 2013

රුපියල් 25,000 සහ ථෙරපුත්ථාභය ආදර්ශය

සිංහල බෞද්ධ ජාතිය නගා සිටුවීමේ අරමුණින් අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටින සෑම සිංහල බෞද්ධ පවුලකටම මාසිකව රුපියල් 25,000 බැගින් ලබා දීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "මව්බිම සුරැකීමේ සංවිධානය" තීරණය කර ඇති බව පසුගිය දින වල සෑම මාධ්‍යයකම පාහේ ප්‍රචාරය විය. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් (සහ මුස්ලිම් ජනගහන ඉහළ යන බැවින්) දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීම උදෙසා මුස්ලිම් පල්ලිය කොපි කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම වැඩපිළිවෙල ගැන කල්පනා කරමින් සිටි පිස්සු හුටංට සිහිපත් වූයේ සිංහල බෞද්ධ ජනගහණය පහළ යාමට සාමාන්‍ය ජනතාව මෙන්ම ගරුතර සංඝ රත්නයද වග කිව යුතු බවයි.

සිංහල බෞද්ධ ජනතාව "පුංචි පවුල රත්තරං" සංකල්පය අනුගමනය කරමින් දරුවන් ගණන සීමා කිරීමත් මුස්ලිම් ජනතාව "පල්ලිය තියෙනකම් පවුල රැකේ" සංකල්පය අනුව යමින් හැකි තාක් දරුවන් සෑදීමත් නිසා සිංහල බෞද්ධ ජනගහන අනුපාතය පහළ යන බව සත්‍යයකි. එම නිසා "ආනන්ද ඉන්නකම් පවුල රැකේ" සංකල්පය බිහි කොට දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි ආනන්ද හිමියන්ට කෘතඥ විය යුතුය. එහෙත් ස්ත්‍රී ප්‍රතිශතය වැඩි ශ්‍රී ලංකාව වැනි රටක 25,000කට අධික පුරුෂයන් ප්‍රමාණයක් (නිවැරදි සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි විය) විවාහ නොවී පැවිදි වීම සිංහල බෞද්ධ ජාතියට සිදු කරන විශාල හානියක් බව උන් වහන්සේට නොතේරීම ජාතියේ අවාසනාවකි. එම නිසා "අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ" යන කියමන සිතට ගෙන, දරුවන් සෑදීම ප්‍රවර්ධනය කිරීමට පෙර තමන්ගෙන් ජාතියට වන හානියට විසඳුමක් සෙවීමට ආනන්ද හිමි ඇතුළු මහා සංඝ රත්නය උනන්දු විය යුතු බව පිස්සු හුටංගේ අදහසයි. එහෙත් ඊට විසඳුමක් සෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ථෙරවාදී භික්ෂූන්ට විවාහ විය නොහැකි නිසා "නීත්‍යානුකූලව" දරුවන් සෑදීමට නම් උපැවිදි විය යුතුය. නමුත් භික්ෂූන් උපැවිදි වුවහොත් මග පෙන්වීමට කෙනෙකු නොමැතිව ජාතිය වල්මත් වනු ඇත. එම නිසා රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකි ආකාරයේ විසඳුමක් ඊට අවශ්‍යය. එවැනි විසඳුමක් පිස්සු හුටං ලඟ ඇත.

දුටුගැමුණු රජ සමයේ රට ජාතිය සහ ආගම ගලවා ගැනීමට තාවකාලිකව උපැවිදි වී සටනට ගිය ථෙරපුත්තාභය යෝධයා ආදර්ශයට ගනිමින් සැකසූ එම විසඳුම පිස්සු හුටං නම් කර ඇත්තේ "ථෙරපුත්තාභය ආදර්ශය" යනුවෙනි. එය ක්‍රියාත්මක කළ යුත්තේ පහත ආකාරයටය.

  • වයස 18ට වැඩි සරු බවින් යුත් භික්ෂූන් කණ්ඩායම් දෙකකට බෙදිය යුතුය (දැනටමත් සංඝ සමාජය කොටස් හැට හුටාමාරකට බෙදී ඇති නිසා ඇත්ත වශයෙන්ම කළ යුත්තේ කොටස් කීපය බැගින් එක් කර කණ්ඩායම් දෙකක් සෑදීමයි). 
  • පළමු කණ්ඩායම තාවකාලිකව උපැවිදි වී විවාහ දිවියට එළඹ දරුවන් පස් දෙනකු බැගින් සෑදිය යුතුය (අනෙක් කණ්ඩායම තවමත් පැවිදිව සිටින නිසා ජාතිය වල්මත් නොවේ). දරුවන් පස් දෙනකු ලැබෙන තෙක් රැකියාවක් කරමින් දරු පවුල පෝෂණය කළ යුතුය.
  • දරුවන් පස් දෙනකු සෑදූ අය වහාම නැවත පැවිදි විය යුතුය. මවුබිම සුරැකීමේ සංවිධානය වහාම ක්‍රියාත්මක වී ඔවුන්ගේ පවුල් වලට රුපියල් 25,000ක දීමනාව ලබා දීම ආරම්භ කළ යුතුය. රුපියල් 7,500කින් තුන් දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් විය හැකි රටක හය දෙනකුට (මව සහ දරුවන් පස් දෙනා) රුපියල් 25,000ක් හොඳටෝම ප්‍රමාණවත්ය.
  • නැවත පැවිදි වන සෑම අයකු වෙනුවෙන්ම දෙවන කණ්ඩායමෙන් එක් භික්ෂුව බැගින් උපැවිදි වී දරුවන් සෑදීම ආරම්භ කළ යුතුය.
  • දරුවන් පස් දෙනකු සාදා නැවත පැවිදි වන දෙවැනි කණ්ඩායමේ සෑම අයකු වෙනුවෙන්ම පළමු කණ්ඩායමෙන් භික්ෂුව බැගින් නැවත උපැවිදි විය යුතුය.

  • ඉහත වැඩපිළිවෙල පළමු සහ දෙවන කණ්ඩායම් අතර චක්‍රීයව ක්‍රියාත්මක කිරීමෙන් දරුවන් සෑදීම සහ ජාතියට මග පෙන්වීම යන කාරණා දෙකම කිසිදු බාධාවකින් තොරව ඉෂ්ඨ කර ගත හැක. වර්තමානයේ තිබෙන්නේද රට ජාතිය සහ ආගම ගලවා ගැනීමේ සටනක් නිසා එය අදට වඩාත් ගැලපෙන බව පිස්සු හුටංගේ අදහසයි.

    1 comment:

    1. නම පිස්සු හුටන් නිසා තමුසේ වගේ පිස්සෙකුට මොනවා කියන්නද? යකෝ දෙමළා තම්බියා තමයි ජාතිවාදියෝ. මේ අල්ලක් වගේ රට විතරයි සිංහලයට තියෙන්නේ. දෙමළට තම්බියට ලෝකයක් තියනවා. අපේ හාමුදුරුවරු තමයි ඉස්සර ඉඳලා සිංහල ජාතිය බේරාගත්තේ. බුද්ධාගමේ ජාතිවාදයක් නෑ කියන එක ආවරණයක් කරගෙන අපිට කෙලවන්ඩ තම්බි සහ දෙමලු දත කනවා. ඒකට තොපිවගේ හරිහමන් ජාතියක් ජම්මයක් නැති අධ්‍යාපනය කියලා අමන දර්ශනය බදාගත්තා එවුන් පුක දෙනවා. තොපේ සහෝදරියෝ කීදෙනෙක් එක්ක කලවම් උනත් තොට කමක් නැතිවුනාට අපි අපේ ජාතියට ආදරෙයි.

      ReplyDelete

    මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?