Wednesday, January 20, 2010

සූර්යග්‍රහණය සහ ප්‍රතිබිම්බ

15 වන දා සූර්යග්‍රහණයක් සිදු වන බව පිස්සු හුටංට මතක් වූයේ එය ආරම්භ වීමට විනාඩි කීපයකට කලිනි. එ වේලේ පටන් ඔහු බලවත් නොඉවසිල්ලෙන් පසු වූයේ අවසන් වරට සූරග්‍රහණයක් දැක ගැනීමට ලැබුණේ මීට වසර 11කට පමණ පෙර නිසාය. එදින පාසල නිමවී එන අතරතුර බසයේ ඉදිරි දොරටුව තුළින් දර්ශනය වූ අර්ධ සූර්යග්‍රහණයක අවසාන භාගය පිස්සු හුටං නරඹුවේ පියවි ඇසිනි (පිස්සු හුටං කියන්නෙ නිකන්යැ). එයද ඉතා ස්වල්ප වේලාවකි. පසුව එදින නින්දට යන තෙක්ම මාරුවෙන් මාරුවට ඇස් වසමින් පෙනීම පරීක්ෂා කළ අයුරු පිස්සු හුටංට තවමත් මතකය. දා හරි හැටි නැරඹිය නොහැකි වූ දසුන 15 වන දා එළකිරි සේ පෙනුණු නිසා පිස්සු හුටංට මාර හැපි ය. හොඳ වේලාවට පිස්සු හුටං පිස්සු කෙළින ආයතනයේ කැමරාවක් තිබුණු නිසා ඔහුට එය ඡායාරූපගත කිරීමටද හැකි විය. පහත දැක්වෙන්නේ පිස්සු හුටං විසින් ලබා ගැණුනු ඉතා ස්වල්පයක් (25ක් පමණ) වූ ඡායාරූප අතුරින් හොඳ තත්ත්වයේ තිබූ එකම එකය (හැකියාව උපරිමයි).






සූර්යග්‍රහණය අතරතුර පිස්සු හුටංගේ නෙත ගැටුණේ තවත් අපූරු දසුනකි. එනම් තුරු වියන් අතරින් පෙරී ආ සූර්යාලෝකය මිහිකත මත මැවූ සුන්දර රටාවයි. එ වේලේ ආයතනයේ කැමරාව අත නොතිබූ නමුත් පිස්සු හුටං සතු දුරකථන ඇමතුම් ලබා ගත හැකි කැමරාවට පින් සිදු වන්නට එම දසුන ඡායාරූපගත කිරීමට හැකි විය. පහත ඡායාරූප දෙස බලන්න. ඇත්තෙන්ම එය අපූරු දසුනක් නොවේද?












(ඉහත ආකාරයේ දසුනක් ඇති වූයේ කෙසේදැයි කල්පනා කරමින් සිටි පිස්සු හුටංට සිහිපත් වූයේ ඔහු කුඩා කල අත්හදා බැලූ සිදුරු කැමරාවේ ක්‍රියාකාරීත්වයයි. අන්තර්ජාලය පීරා සොයා ගත් මෙම වෙබ් පිටුව මගින් තම මතය තහවුරු කර ගැනීමට පිස්සු හුටංට හැකි විය.)

No comments:

Post a Comment

මේ හෑල්ල ගැන මොනවද හිතෙන්නෙ?